Sanda Diya Uthura Song Lyrics - සඳ දිය උතුරා ගීතයේ පද පෙළ

Sanda Diya Uthura Song Lyrics - සඳ දිය උතුරා ගීතයේ පද පෙළ
Song Title : Sanda Diya Uthura (සඳ දිය උතුරා)
ගායනය : නිරෝෂා විරාජිනී
පද : මහාචාර්ය සුනිල් ආරියරත්න
තනුව : ආචාර්ය රෝහණ වීරසිංහ


සඳ දිය උතුරා අපතේ යයි
ගිලී නාන්නට එන්න ප්‍රියේ
තරු කැට ගිලිහී දියේ ගිලෙයි
ඒ තරු ඇහිඳින්නට එන්න දියේ //

තුරු වැල් අහගෙන සිටින නිසා
තුරු වැල් අහගෙන සිටින නිසා
කට වහගෙන හිටියොතින් ගුණයි
රාත්‍රියට ඇස් තියෙන නිසා
දඟ වැඩ හොඳ නෑ බලාගෙනයි

සඳ දිය උතුරා අපතේ යයි
ගිලී නාන්නට එන්න ප්‍රියේ
තරු කැට ගිලිහී දියේ ගිලෙයි
ඒ තරු ඇහිඳින්නට එන්න දියේ

හරිම කෙටියි රෑ තුන් යාමේ
හරිම කෙටියි රෑ තුන් යාමේ
හරියට එක යාමයක් වගෙයි
ඉර දුටුවත් නාඬන්න කියා
පණිවිඩයක් යැවුවොතින් හොඳයි

සඳ දිය උතුරා අපතේ යයි
ගිලී නාන්නට එන්න ප්‍රියේ
තරු කැට ගිලිහී දියේ ගිලෙයි
ඒ තරු ඇහිඳින්නට එන්න දියේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment