Supipuna Suganda Yuth Song Lyrics - සුපිපුණ සුගන්ධ යුත් ගීතයේ පද පෙළ

Supipuna Suganda Yuth Song Lyrics - සුපිපුණ සුගන්ධ යුත් ගීතයේ පද පෙළ
Song Title : Supipuna Suganda Yuth (සුපිපුණ සුගන්ධ යුත්)
ගායනය : සුනිල් එදිරිසිංහ
පද : නීතිඥ චාර්ල්ස් ඩයස් ("ඇලඩින්" නෘත්‍යයේ ගීයකි.)
නීතිඥ චාර්ල්ස් ඩයස් අමරතුංගයන්ගේ "ඇලඩින් සහ පුදුම පහන" (1914) නෘත්‍යයේ එන ගීයක් වන මෙය සුනිල් එදිරිසිංහ විසින් "සඳකඩපහණ" කැසට් පටය සඳහා ගායනා කළේය. 2001 වසරේදී නැවත මෙම ගීය "නෑසෙන ගී රස 2" සංගත තැටිය හා කැසට් පටයටත් ඇතුළත් විය. 


සුපිපුණ සුගන්ධ යුත් සොඳ පුෂ්පා

සුපිපුණ සුගන්ධ යුත් සොඳ පුෂ්පා
සිඹිමින් නෙළමින් //
නෙළමින් මම යමි යමි උද්‍යානයේ //
උදයේ රම්‍යා නෙළමින්නේ
සුපිපුණ සුගන්ධ යුත් සොඳ පුෂ්පා //

බිඟු රාශී 
හැම කාලේ 

ඇත කෝපේ කුමරිය හා

මල් නෙළන්න‍ෙමී මං ගොතන්ට මාලා
රජ දුවනීයන්ටා //
මෙවාරේ නෙළන්ට කුසුමන් යාමී

මෙවාරේ නෙළන්ට කුසුමන් යාමී
සුපිපුණ සුගන්ධ යුත් සොඳ පුෂ්පා

සුපිපුණ සුගන්ධ යුත් සොඳ පුෂ්පා
සිඹිමින් නෙළමින් //
නෙළමින් මම යමි යමි උද්‍යානයේ //
උදයේ රම්‍යා නෙළමින්නේ
සුපිපුණ සුගන්ධ යුත් සොඳ පුෂ්පා //

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment