කොස් ඇට අග්ගලා හදමු (Kos Ata Aggala)

කොස් ඇට අග්ගලා හදමු (Kos Ata Aggala) - Your Choice Way
ඔන්න අදත් මං ඔයාලට කොස් ඇට වලින් හදා ගන්න පුළුවන් තවත් රසවත් කෑමක් අරන් ආවා. හදලා බලන්න , එක් වතාවක් රස බැලුවොත් හැමදාම කන්න ආස වෙයි 😊.

✅ අවශ්‍ය ද්‍රව්‍ය :

  • 🍂 සෝදා පිරිසිදු කරගත් කොස් ඇට කෝප්ප 2 ක්
  • 🍂 සීනි කෝප්ප 1/2 ක්
  • 🍂 පොල් කෝප්ප 1 ක්
  • 🍂 ලුණු ස්වල්පයක්

✅ සාදා ගන්නා ආකාරය :

  1. 🔶 කොස් ඇට කබලේ බැද ගන්න.
  2. 🔶 බැදගත් කොස් ඇට නිවෙන්න තබන්න.
  3. 🔶 කොස් ඇටවල පොතු ඉවත් කර ගන්න.
  4. 🔶 පොතු ඉවත් කරගත් කොස් ඇට වංගෙඩියේ හෝ ග්‍රයින්ඩරයේ දමා තරමක් කැබලි සිටින සේ කොටා ගන්න.
  5. 🔶 එයටම සීනි,පොල් සහ ලුණු ස්වල්පයක් එකතු කර මිශ්‍ර වනතුරු නැවත ටිකක් කොටා ගන්න.
  6. 🔶 පසුව හොඳින් මිශ්‍ර කර අවශ්‍ය ප්‍රමාණයට ගුලි සාදා ගන්න.
ඔයාලත් හදලා රස බලන්නකෝ  😍 සැකසුම :© නදීෂා ගමගේ
හෙළයේ රස මිහිර
කොස් ඇට අග්ගලා හදමු (Kos Ata Aggala) - Your Choice Way
අපගේ page එකටත් like කරන්න


👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment