Pinne Raye Kada Aguwaka Song Lyrics - පින්නේ රැයේ කඩ අගුවක ගීතයේ පද පෙළ

Pinne Raye Kada Aguwaka Song Lyrics - පින්නේ රැයේ කඩ අගුවක ගීතයේ පද පෙළ
Song Title : Pinne Raye Kada Aguwaka (පින්නේ රැයේ කඩ අගුවක)
ගායනය : සුනිල් එදිරිසිංහ
පද රචනය : කුලරත්න ආරියවංස
තනුව : රෝහණ වීරසිංහ
ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ සරල ගී වැඩසටහනකින් දොරට වැඩි මෙම ගීය,  1982  වසරේ සින්ග්ලංකා ලේබලෙයන් නිකුත්වූ " සඳකඩපහණ" කැසට් පටයට ඇතුළත් විය.


පින්නේ රැයේ කඩ අගුවක නිදනවද
ලොරියක ගෝනි මත්තේ නිදි කිරනවද
කරවල වාඩියක සිරවී තැවෙනවද
මල්ලියෙ කොහේ කොතැනක නුඹ සිටිනවද

අම්මා විඳ දරාගෙන හැම දුක් ගැහැට
නැති බැරි වුණත් දුක දුන්නේ නැහැ නුඹට
බැරි වුණු නිසා මට අකුරෙන් ජය ගන්ට
දහ දුක් ඉහිලුවේ නුඹ තැනකට ගන්ට

ඉස්කෝලේ නොයා කැලයට පැන්නාට
තරවටු කළේ ගුරු දෙගුරුන් නුඹෙ හොඳට
ගහ බැන්නේ හදාගන්නයි මං නුඹට
හිතුවේ අනේ ඇයි ඒ හැම වැරදියට

නුඹ නැති දා ඉඳන් අම්මා හැඬු කඳුළෙන්
ඔත්පල වුණා අප්පච්චී සංකාවෙන්
ගේ මළ ගෙයක් වාගෙයි අද නුඹ නැතියෙන්
හනිකට වරෙන් ඉගිලී ඉන්නා තැනෙකින් //

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment