Siduwee Nam Waradak Song Lyrics - සිදුවී නම් වරදක් ගීතයේ පද පෙළ

Siduwee Nam Waradak Song Lyrics - සිදුවී නම් වරදක් ගීතයේ පද පෙළ
Song Title : Siduwee Nam Waradak (සිදුවී නම් වරදක්)
ගායනය : සුනිල් එදිරිසිංහ
පද : බණ්ඩාර ඇහැළියගොඩ
තනුව : ආචාර්ය රෝහණ වීරසිංහ
මෙම ගීය 1992 දී “අමල් බිසෝ” කැසට් පටයටයි ඇතුළත් වුුණේ.


සිදුවී නම් වරදක්
කොතැනක කොයි කවර කලෙක හෝ
එය නිවැරදි කර ගනිමු යාළුවේ //

පින් ඇති මහත්වරුන් ගෙනියණ්ඩ කරපිටින්
අපි අපේ කමයි බිල්ලට දුන්නේ
අල්ලපු වැටේ එවුන්
පිල් බෙදී වෛරයෙන්
මඟුලට මරණෙට වත් නැහැ එන්නේ

සිදුවී නම් වරදක්
කොතැනක කොයි කවර කලෙක හෝ
එය නිවැරදි කර ගනිමු යාළුවේ

දෝලාව ගෙන කරෙන්
අපි ගියෙමු දුර ගමන්
රජවරු දෙසටයි නෙත් යොමු වන්නේ
සතුරන්ට බැට දෙමින්
යුද කළෙමු මියැදෙමින්
කවුරුද සතුටට ජයපැන් බොන්නේ

සිදුවී නම් වරදක්
කොතැනක කොයි කවර කලෙක හෝ
එය නිවැරදි කර ගනිමු යාළුවේ //

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment