Sathyaye Malagama Song Lyrics - සත්‍යයේ මළගම ගීතයේ පද පෙළ

Sathyaye Malagama Song Lyrics - සත්‍යයේ මළගම ගීතයේ පද පෙළ
Song Title : Sathyaye Malagama (සත්‍යයේ මළගම)
ගායනය  : සුනිල් එදිරිසිංහ
පද : කුමාරදාස සපුතන්ත්‍රී
තනුව : ආචාර්ය රෝහණ වීරසිංහ
මෙම ගීය 1992 දී “අමල් බිසෝ” කැසට් පටයටත් 1994 දී “සුනිල් ගී  22” සංයුක්ත තැටියට හා කැසට් පටයටත් ඇතුළත් වුණා.


ආ...
ආ...
ආ... ආ...

නොතැවෙන්න නොහඬන්න සත්‍යයේ මළගමට
ගහලයා ඔබයි මේ මරණයේ
හිස ගැසූයේ ඔබයි
විෂ පෙවූයේ ඔබයි
හඬා වැළපෙන්නේද අද ඔබයි

ආ...  ආ...  ආ...  ආ...

කල්වාරි ගිරි සිරස මිය ගියේ සත්‍යයයි
පෙළූයේ සත්‍යයයේ හදවතයි
ගැලූයේ සත්‍යයේ රුධිරයයි
ගයා පියසින් පිටව වන වැදී සැඟවුණේ
එදා පිළිකෙව් කෙරූ සත්‍යයයි

අඅඅඅ ආ... ආ...

නොතැවෙන්න නොහඬන්න සත්‍යයේ මළගමට
ගහලයා ඔබයි මේ මරණයේ
හිස ගැසූයේ ඔබයි
විෂ පෙවූයේ ඔබයි
හඬා වැළපෙන්නේද අද ඔබයි

ආ...  ආ...  ආ...  ආ...

මිනිස්කම හදවතේ මලක් සේ පිපෙන දා
සත්‍යයේ හිස නැගෙයි කුරුසියෙන්
සත්‍යයේ හිරු නැගෙයි වන ගැබින්
මිනිස් පා වැඳ පුදා පින් ලබාගනු රිසිව
දෙවියෝද බිමට එති පෙරහැරින්

අඅඅඅ ආ... ආ...

නොතැවෙන්න නොහඬන්න සත්‍යයේ මළගමට
ගහලයා ඔබයි මේ මරණයේ
හිස ගැසූයේ ඔබයි
විෂ පෙවූයේ ඔබයි
හඬා වැළපෙන්නේද අද ඔබයි

ආ........

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment