Kapa Bima Hela Gaha Kola Song Lyrics - කපා බිම හෙළා ගහ කොළ ගීතයේ පද පෙළ

Kapa Bima Hela Gaha Kola Song Lyrics - කපා බිම හෙළා ගහ කොළ ගීතයේ පද පෙළ
Song Title : Kapa Bima Hela Gaha Kola (කපා බිම හෙළා ගහ කොළ)
ගායනය : සුනිල් එදිරිසිංහ සහ පිරිස
පද : කුමාරදාස සපුතන්ත්‍රී
තනුව : ආචාර්ය රෝහණ වීරසිංහ
මෙම ගීය 1992 දී “අමල් බිසෝ” කැසට් පටයටත් 1994 දී “සුනිල් ගී  22” සංයුක්ත තැටියට හා කැසට් පටයටත් ඇතුළත් වුණා


කපා බිම හෙළා ගහ කොළ
තනා මහ විමන් මිහි මත
පුරෙන් පුර දනන් දෙව්පුර අසිරි මවනවා
ඒ මැවුම් දකින දෙවියෝ බියෙන් සැලෙනවා //

උන්හිටි තැන් නැතිවෙලාද
උන් කළ පින් පිරිහිලාද
රුක් දෙවියෝ දණින් වැටී නරන් යදිනවා //

විදා හළ නැණින් පිරිසිඳ
වසා සිටි නුවන් විනිවිද
මිනිස් වග මහා විශ්වය හඹා දුවනවා
දෙව් ලොවින් බසින දෙවියෝ සුසුම් හෙළනවා //

ඇස් අදහා ගන්ට බැරිව
පින් පව් විසඳන්ට බැරිව
ඉරිසියාව යට කරගෙන සාදු කියනවා //

දිනූවෙද මහා සක්වල
ලැබූවෙද මහා සිප් නැණ
දේව අනුහසින් වේදැයි බියක් හිතෙනවා
දණින් හිඳ සුරන් පා යුග නරන් වඳිනවා //

මිනිස් මහිම අඩුවෙලාද
මිනිස් කමට හිනැහුණාද
උනුන් මුව බලා දෙවියෝ අනේ කියනවා //

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment