Me Sanda Ral Song Lyrics - මේ සඳ රැල් ගීතයේ පද පෙළ

Me Sanda Ral Song Lyrics - මේ සඳ රැල් ගීතයේ පද පෙළ
Song Title : Me Sanda Ral (මේ සඳ රැල්)
ගායනය : සුනිල් එදිරිසිංහ
පද : කුලරත්න ආරියවංශ
තනුව : ආචාර්ය රෝහණ වීරසිංහ
මෙම ගීය ඇතුළත් වුුණේ 1992 දී සින්ග්ලංනා ලේබලයෙන් නිෂ්පාදනය වූ “අමල් බිසෝ” කැසට් පටයටයි.


මේ සඳ රැල් මේ තුරු වැල්
කොහේද රැඳුණේ ඔබ හමුවන්නට පෙර //

සඳ නැඟුණට ලොව දිලුණට එකවර මෙලෙසින්
රැය මින් පෙර වීද කෙදින මෙතරම් මනරම් //

මේ කඳු රැල් මේ ගඟුලැල්
කොහේද රැඳුණේ ඔබ හමුවන්නට පෙර

මිහිලිය බඳ රුව මන නඳ මිණි මුතු නිතියෙන්
ලොව කිසි විට නොවී එසඳ මෙතරම් මනරම්

මේ හසරැල් මේ සිහිලැල්
කොහේද රැඳුණේ ඔබ හමුවන්නට පෙර

මේ සඳ රැල් මේ තුරු වැල්
කොහේද රැඳුණේ ඔබ හමුවන්නට පෙර

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment