Ruwal Iree Giya Nawkawe Song Lyrics - රුවල් ඉරී ගිය නෞකාවේ ගීතයේ පද පෙළ

Ruwal Iree Giya Nawkawe Song Lyrics - රුවල් ඉරී ගිය නෞකාවේ ගීතයේ පද පෙළ
Song Title : Ruwal Iree Giya Nawkawe (රුවල් ඉරී ගිය නෞකාවේ)
ගායනය : විශාරද නන්දා මාලිනී
පද රචනය : මහාචාර්ය සුනිල් ආරියරත්න
සංගීතය : රෝහණ වීරසිංහ


රුවල් ඉරී ගිය නෞකාවේ..නියමුවානෙනි...
නොගිලී දළ රළ පෙල අතරේ
මාහා යා නොහැකිය ගොඩබිමකට
රුවල් ඉරී ගිය නෞකාවේ...

දෝතට එක්කල වැහිදිය පොවමින්
පවසට ඉරුනු රුවල් රෙදි දවටා තබමින්
උණුසුම මා රැකගත් ඔබ රැකගත යුතුවේ අදදින
දියඹේ නවතිමි යනු මැන පෙරමඟ තනිවම
රුවල් ඉරී ගිය නෞකාවේ...

සුන්බුන් නැව් බඳ දියබත් වී යයි
හෙමිහිට අත්හල මැන දැන් මෙතුවක් මට බැදි
සෙනෙහස දෑස පියාගෙන මා බිලි දී ‍දිය ගැඹරට
ගැලවී යනුමැන මේ විපතින් හිත දැඩිකොට

රුවල් ඉරී ගිය නෞකාවේ..නියමුවානෙනි...
නොගිලී දළ රළ පෙල අතරේ
මාහා යා නොහැකිය ගොඩබිමකට
රුවල් ඉරී ගිය නෞකාවේ...//

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment