Mage Hithe Meyakara Song Lyrics - මගේ හිතේ මෙයාකාර ගීතයේ පද පෙළ

Mage Hithe Meyakara Song Lyrics - මගේ හිතේ මෙයාකාර ගීතයේ පද පෙළ
Song Title : Mage Hithe Meyakara (මගේ හිතේ මෙයාකාර)
ගායනය : ආචාර්ය වික්ටර් රත්නායක
පද රචනය : මහාචාර්ය සුනිල් ආරියරත්න
තනුව : ආචාර්ය වික්ටර් රත්නායක


මගේ හිතේ මෙයාකාර ගී සීපද තිබුණු වගක්
දැනං හිටියෙ නෑ
නෑනො, මගේ මුවේ මෙයාකාර
රාග තාල තිබුණු වගක්
දැනං හිටියෙ නෑ //
හෙමින් සැරේ ඇස් රතුකර
තොල් පෙති මත ගී පද දැවටුවා නේද
කොණිති ගසා හදේ කොණක්
පන්හිඳ මත සී පද පැටලුවා නේද

මගේ හිතේ මෙයාකාර ගී සීපද තිබුණු වගක්
දැනං හිටියෙ නෑ
නෑනො, මගේ මුවේ මෙයාකාර
රාග තාල තිබුණු වගක්
දැනං හිටියෙ නෑ
මට නුහුරූ කවි ලොවකට
මටත් හොරා මා කැන්දන් ගියේ මන්ද
දීග ගිහින් වෙන ගේකට
ඒ කවි ලොව තුළ මා තනි කළේ මන්ද

මගේ හිතේ මෙයාකාර ගී සීපද තිබුණු වගක්
දැනං හිටියෙ නෑ
නෑනො, මගේ මුවේ මෙයාකාර
රාග තාල තිබුණු වගක්
දැනං හිටියෙ නෑ //

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment