Hathwalalla Kanda Kapa Song Lyrics - හත්වළල්ල කන්ද කපා ගීතයේ පද පෙළ

Hathwalalla Kanda Kapa Song Lyrics - හත්වළල්ල කන්ද කපා ගීතයේ පද පෙළ
Song Title : Hathwalalla Kanda Kapa (හත්වළල්ල කන්ද කපා)
ගායනය : ආචාර්ය වික්ටර් රත්නායක
පද රචනය : උපාලි ධනවලවිතාන
තනුව : ආචාර්ය වික්ටර් රත්නායක


හත්වළල්ල කන්ද කපා
ගංකරයෙන් පා වෙලා – දියකඩ පීරා
නඟා කෙල්ල ඉන්න පැලට
තෑගි අරන් මං එනවා //

දොල දෙනියේ වැව් බැම්මේ
හිඹුටු කැලෙන් නඟේ නුඹට

හිඹුටු කඩන් මං එනවා
ඉවසිලි නැ නුඹ දකින්න

අනේ එපා ඔච්චම් කර
බක් මී මල් හිනාවෙන්න

හත්වළල්ල කන්ද කපා
ගංකරයෙන් පා වෙලා – දියකඩ පීරා
නඟා කෙල්ල ඉන්න පැලට
තෑගි අරන් මං එනවා

තුරු වදුලේ කිරළ රොදේ
යොදුන් ගණන් ඈතට යමු
ගං ඉවුරේ උණ පදුරේ
හීල් හෙවනෙ කතා කරමු

වාසනාව අග හිඟ නැ
නඟා කෙල්ල ඉන්න පැලට

හත්වළල්ල කන්ද කපා
ගංකරයෙන් පා වෙලා – දියකඩ පීරා
නඟා කෙල්ල ඉන්න පැලට
තෑගි අරන් මං එනවා
නඟා කෙල්ල ඉන්න පැලට
තෑගි අරන් මං එනවා
නඟා කෙල්ල ඉන්න පැලට
තෑගි අරන් මං එනවා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment