Pinibara Malak Wage Song Lyrics - පිනිබර මලක් වගේ ගීතයේ පද පෙළ

Pinibara Malak Wage Song Lyrics - පිනිබර මලක් වගේ ගීතයේ පද පෙළ
Song Title : Pinibara Malak Wage (පිනිබර මලක් වගේ)
ගායනය : ආචාර්ය වික්ටර් රත්නායක
පද රචනය : කුලරත්න ආරියවංශ
තනුව : ආචාර්ය වික්ටර් රත්නායක


පිනිබර මලක් වගේ ගමේ පිපුණ නඟේ
හෙට ගියත් වැඩට මන්දිරයක සිදාදියේ
අමතක කරන්නෙපා
නුඹ එනතුරා
මෙහෙ මං ඉන්නවා //

සිදාදියේ නපුරු සතුන්
රුවට නුඹේ වසඟවෙලා
නොයෙක වෙසින් නුඹ බිලිගන්නට සැරසේවී
අතේ කාසි පනම් අරුමෝසම් නුඹේ දෑසට පාවී
නඟේ පරිස්සමින්
ඉඳින් අනේ රැවටෙන්න එපා

පිනිබර මලක් වගේ ගමේ පිපුණ නඟේ
හෙට ගියත් වැඩට මන්දිරයක සිදාදියේ
අමතක කරන්නෙපා
නුඹ එනතුරා
මෙහෙ මං ඉන්නවා

සිදාදියේ විසිතුරු මැද
සිටින විටදි තනිවීලා
අලුත් පහේ වෙන මුහුණු නෙතට හමු වේවී
ගමේ රෑ පානේ රහසේ කිව් කතා ගොළු වී යාවී
හිතේ සෝදිසියෙන්
ඉඳින් අනේ හිත දෙන්න එපා

පිනිබර මලක් වගේ ගමේ පිපුණ නඟේ
හෙට ගියත් වැඩට මන්දිරයක සිදාදියේ
අමතක කරන්නෙපා
නුඹ එනතුරා
මෙහෙ මං ඉන්නවා

අමතක කරන්නෙපා
නුඹ එනතුරා
මෙහෙ මං ඉන්නවා ///

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment