Chanchaka Anduru Lowe Song Lyrics - චංචල අඳුරු ලොවේ ගීතයේ පද පෙළ

Chanchaka Anduru Lowe Song Lyrics - චංචල අඳුරු ලොවේ ගීතයේ පද පෙළ
Song Title : Chanchaka Anduru Lowe (චංචල අඳුරු ලොවේ)
ගායනය : ආචාර්ය වික්ටර් රත්නායක
පද රචනය : කරුණාරත්න අබේසේකර
තනුව : ආචාර්ය වික්ටර් රත්නායක


චංචල අඳුරු ලොවේ
නිසංසල සීතල පරම සුවේ
මිහිපිට තැනෙක තියේ
සොයා එමි
මම ඒ සෙවණ ප්‍රියේ //

පොළොව දෙදරවන ගිම්හානේ
ගතට ගිමන දෙන මද්දහනේ //
ඇසිපිය හෙළනට ලැගුම් පතන්නෙමි
පිවිතුරු හදවත් මල් යහනේ

චංචල අඳුරු ලොවේ
නිසංසල සීතල පරම සුවේ
මිහිපිට තැනෙක තියේ
සොයා එමි
මම ඒ සෙවණ ප්‍රියේ

නිසල වියලි කළු වැලිකතරේ
මුමුණ මුමුණ යන දිය දහරේ
සංසිඳවනු මැන අඬන පිපාසේ
බිඳූවක් රඳවා තොල් අතරේ

චංචල අඳුරු ලොවේ
නිසංසල සීතල පරම සුවේ
මිහිපිට තැනෙක තියේ
සොයා එමි
මම ඒ සෙවණ ප්‍රියේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment