පෑන්කේක් හදමු (Pancakes)

පෑන්කේක් හදමු (Pancakes) - Your Choice Way

මම අද ☕ වෙලාවට කන්න රස වගේම ලස්සන කැමක් හැදුවා . පැන්කේක් වෙනම මෝස්තරයකට සහ පාට දෙකකින් . හරිම ලෙහෙසියි හදන්න . මෙහෙමයි හැදුවේ .

✅ අවශ්‍ය ද්‍රව්‍ය :

  • පාන් පිටි 300g  (ඕන නම් ආටා පිටි 150g පාන් පිටි 150g ගන්න පුළුවන්)
  • පොල් කිරි 400ml
  • ලුනු තේ හැදි 01 
  • බිත්තර 01  (අවශ්‍ය නොවේ)
පැණි පොල් සඳහා
  • දුඹුරු සීනි 100g
  • ලුනු තේ හැදි 1/2
  • වැනිලා තේ හැදි 01
  • සිහින්ව ගා ගත් පොල් බැයක පොල්

✅ සාදා ගන්නා ආකාරය :

  1. පලමුව භාජනයකට පිටි දමා ලුනු එකතු කර හොඳින් කලවම් කරන්න.
  2. දැන් බිත්තර 1 එකතු කර හොඳින් මිශ්‍ර කරන්න.
  3. පසුව කිරි ටික ටික එකතු කරමින් ටිකක් උකු බැටර් එකක් සාදා ගන්න.පැත්තකින් තබන්න.
  4. දැන් පැණි පොල් සාදා ගමු.භාජනයකට සිනි මේස හැදි 3 පමණ දමා කැරමල් කර එයට නටන උණු වතුර ටිකක් එකතු කර මිශ්‍ර කර ඉතිරි සීනි දමා උණු කරන්න.
  5. පසුව එයට ලුනු තේ හැදි 1/2 දමා මිශ්‍ර කර වැනිලා තේ හැදි 1 එකතු කර හොඳින් කලවම් කර අවසානෙට  සිහින්ව ගා ගත් පොල් බැයක පොල් එකතු කර පැණි පොල් සාදා ගන්න. 
  6. දැන් අපි පැන්කේක් හදමු . මේවා හදන්නේ මෙහෙමයි . පැන්කේක් මිශ්‍රණය මම සමාන වෙන්න භාජන දෙකකට දමා එකකට කහ කුඩු මිශ්‍ර කලා.  
  7. පයිපින් බැග් එකක් ගෙන වීදුරුව කට දමා එයට සදා ගත් පැන්කේක් මිශ්‍රණය දමා අතට ගෙන ඉස්සරහින් කුඩා සිදුරක් සාදා ගත්තා.
  8. පසුව නන් ස්ටික් භාජනයක් ලිප තබා රත් වු විට පයිපින් බැග් එක අතට ගෙන සෑම අතටම ඉරි අදින්න.මිරිකන්න.(පහල පින්තූරයේ පෙනන පරිදි )
  9. ඊට පසු ටික වේලාවකින් අනිත් පැත්ත හරවා ටික වේලාවක් තබා පිගානකට දමා අයිනට පැණි පොල් තබා රෝල් කරන්න.මෙලෙස පාට දෙකෙත් සියල්ලම සාදා ගන්න.හදලා බලන්න කෝ.
Dhammika Panangala (ධම්මිකා පනංගල)
පෑන්කේක් හදමු (Pancakes) - Your Choice Way

පෑන්කේක් හදමු (Pancakes) - Your Choice Way

පෑන්කේක් හදමු (Pancakes) - Your Choice Way

පෑන්කේක් හදමු (Pancakes) - Your Choice Way
👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment