Delum Weera Amba Song Lyrics - දෙළුම් වීර අඹ ගීතයේ පද පෙළ

Delum Weera Amba Song Lyrics - දෙළුම් වීර අඹ ගීතයේ පද පෙළ

Delum Weera Amba Song Lyrics - දෙළුම් වීර අඹ ගීතයේ පද පෙළ
Song Title : Delum Weera Amba (දෙළුම් වීර අඹ)
ගායනය : නන්දා මාලනී සමග සුනිල් එදිරිසිංහ
"සඳ කිඳුරු" නාඩගමෙන්
සම්ප්‍රදායික නාඩගම් නාද රටා ඇසුරින් නව සංගීත සංයෝජනය හා සැකසුම (2000) - ආචාර්ය රෝහණ වීරසිංහ විසිනි.


දෙළුම් වීර අඹ කෝන් හිඹොටු පලු එරඹ කැන්
අතු අගින් බරව ගොස් ඉදී තිබෙන හැටි බල නෙතින්
මෙවන් පලවැලෙන් බුදිනට රිසිවූ දේ කියන්
කඩිණමින් නෙළා දෙමි සෙනෙහෙ අධික පියදරිනි දැන්

දෙළුම් වීර පලු කෑම ගතට සැප එළවනා
මට ගොසින් කඩා දෙනු මා පණ වැනි හිමි සසොබනා
අතින් කඩනු මිස ගහකට ගොඩ නොනඟිනු මැනා
වන මරුන් එන්න පළමුව යමු සඳ පව්වට මනා

සමන් පලොල් හා සපුමල් අතු අග බර වෙමින්
හැර නුවන් යුගින් බල වන තුළ සැම තැන පිපි කුසුම්
බැඳන් පැටව් බඩතුර පැන යන සැටි එ වඳුරන්
අර බලන් නටන සැටි රණ මොණරුන් රැල පිල් විදන්

සවන් යොමා අසනුය පිය හිමියෙනි සසොබනා
මගෙ මෙවන් වදන් සිහිගත මැනවිය සිතු පිරියෙනා
මෙවන් මෙරුක සෙවණැල්ලෙහි හිඳ මඳ කලකිනා
අපි ගිමන් හැරලා යමු සඳ ගිරි පව්වට සතොසිනා
අපි ගිමන් හැරලා යමු සඳ ගිරි පව්වට සතොසිනා //

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment