Kubuk Gahe Mal Pipila Song Lyrics - කුඹුක් ගහේ මල් පිපිලා ගීතයේ පද පෙළ

Kubuk Gahe Mal Pipila Song Lyrics - කුඹුක් ගහේ මල් පිපිලා ගීතයේ පද පෙළ
Song Title : Kubuk Gahe Mal Pipila (කුඹුක් ගහේ මල් පිපිලා)
ගායනය : සුනිල් එදිරිසිංහ
පද රචනය : අබ්දුල් කේ. සාදික්
සංගීතය : දර්ශන රුවන් දිසානායක


කුඹුක් ගහේ මල් පිපිලා බඹරු රඟන රගේ
තිඹිරි ඉදී රතු පාටින් ඵල බරවී නැමෙයි
හිත ඉගිලෙයි ඒදණ්ඩෙන් සමනල් කැල පොරේ
සුද්දි නගේ නුඹෙ හිනාව ඉද්ද කැකුළු වගේ //

වක්කලමේ තොටමුණ ලඟ දියරළ සැඩ නැතේ
ගහල වැලේ මල් පිපිලා ආරුක්කුව නැමේ
ලැජ්ජාවෙන් මුව රතු වී නෙතු බාන බිදේ
නාන තොටෙන් නුඹ යනවද මී මල් වැහි පොදේ //

කුඹුක් ගහේ මල් පිපිලා බඹරු රඟන රගේ
තිඹිරි ඉදී රතු පාටින් ඵල බරවී නැමෙයි
හිත ඉගිලෙයි ඒදණ්ඩෙන් සමනල් කැල පොරේ
සුද්දි නගේ නුඹෙ හිනාව ඉද්ද කැකුළු වගේ

උණ පඳුරේ සිලි සිලි‍යෙන් මුමුණන සීපදේ
මට විතරක් ඇහුනම ඇයි හොදනැති වග නගේ
හිතකට මල් මේතරම්ම එබිකම් කර නැතේ
නෙළුම් මලක් වෙන්ට එපා හිත් ඉවුරේ මගේ //

කුඹුක් ගහේ මල් පිපිලා බඹරු රඟන රගේ
තිඹිරි ඉදී රතු පාටින් ඵල බරවී නැමෙයි
හිත ඉගිලෙයි ඒදණ්ඩෙන් සමනල් කැල පොරේ
සුද්දි නගේ නුඹෙ හිනාව ඉද්ද කැකුළු වගේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment