Kale Pan Atha Nawum Raha Natha Song Lyrics - කලේ පැන් ඇත නැවුම් රහ නැත ගීතයේ පද පෙළ

Kale Pan Atha Nawum Raha Natha Song Lyrics - කලේ පැන් ඇත නැවුම් රහ නැත ගීතයේ පද පෙළ
Song Title : Kale Pan Atha Nawum Raha Natha (කලේ පැන් ඇත නැවුම් රහ නැත)
ගායනය : සුනිල් එදිරිසිංහ
සංගීතය : රෝහණ වීරසිංහ,
ගී පද : කේ.ඩී.කේ. ධර්මවර්ධන


කලේ පැන් ඇත නැවුම් රහ නැත
මොකද මන්දා ළිඳට වූයේ
පුළුස්සා ගත් රොටිය කර වී
මොකද මන්දා ලිපට වූයේ
හදා ගත් ලුණු මිරිස රහ නැත
මොකද මන්දා දිවට වූයේ

සැලේ ගහ කොළ සුළඟ ඇත එද
සිහිල කොයි අත ගියාදෝ
කෝල බව මුසු සිනා හඬ නැත
සවන් බිහිරිව ගියාදෝ

කලේ පැන් ඇත නැවුම් රහ නැත
මොකද මන්දා ළිඳට වූයේ
පුළුස්සා ගත් රොටිය කර වී
මොකද මන්දා ලිපට වූයේ
හදා ගත් ලුණු මිරිස රහ නැත
මොකද මන්දා දිවට වූයේ

පුරුදු නිවහන නුහුරු වී නම්
කාට මේ ගැන කියන්නෙම්
කාට මේ ගැන කියන්නෙම් මම
බිරින්දෑ නෑ ගම් ගොහින්
බිරින්දෑ නෑ ගම් ගොහින්
බිරින්දෑ නෑ ගම් ගොහින්

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment