Daiwayogayakin Song Lyrics - දෛවයෝගයකින් ගීතයේ පද පෙළ

Daiwayogayakin Song Lyrics - දෛවයෝගයකින් ගීතයේ පද පෙළ
Song Title : Daiwayogayakin (දෛවයෝගයකින්)
ගායනය : ආචාර්ය වික්ටර් රත්නායක
පද රචනය: : මහාචාර්ය සුනිල් ආරියරත්න
තනුව : ආචාර්ය වික්ටර් රත්නායක


දෛවයෝගයකින් නොවේදෝ
හමුවුණේ අප හමු වුණේ
දෛවයේ සරදම් ලබන්නට
කිම මෙසේ අප හමුවුණේ

ඇදුරුතුමියයි ප්‍රේමයේ ඔබ
ඇදුරුතුමියයි යෞවනේ //
ශෝකයේ රුදු වේදනාවේ
කඳුළු සයුරේ උල්පතයි

දෛවයෝගයකින් නොවේදෝ
හමුවුණේ අප හමු වුණේ
දෛවයේ සරදම් ලබන්නට
කිම මෙසේ අප හමුවුණේ

නඳුන් උයනයි ස්නේහයේ ඔබ
සඳුන් සිලිලයි ජීවිතේ //
සොම්නසේ ආනන්දයේ
හසරැළ් තරංගේ උල්පතයි

දෛවයෝගයකින් නොවේදෝ
හමුවුණේ අප හමු වුණේ
දෛවයේ සරදම් ලබන්නට
කිම මෙසේ අප හමුවුණේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment