Podi Kumarihamiye Song Lyrics - පොඩි කුමාරිහාමියේ ගීතයේ පද පෙළ

Podi Kumarihamiye Song Lyrics - පොඩි කුමාරිහාමියේ ගීතයේ පද පෙළ
Song Title : Podi Kumarihamiye (පොඩි කුමාරිහාමියේ)
ගායනය : ආචාර්ය වික්ටර් රත්නායක
පද රචනය : මහාචාර්ය සුනිල් ආරියරත්න
තනුව : ආචාර්ය වික්ටර් රත්නායක


පොඩි කුමාරිහාමියේ
එපා වලව්වට යන්න නියර පිට
බලා ඉන්න පොඩි කුමාරිහාමියේ
කාසි එපා නුඹ හිනාවෙවී
ඔහෙ බලා ඉන්නවා නම්

නිලමෙත් නපුරුයි ළමාතැනිත් නපුරුයි
නපුරු වලව්වක කෝමද කෝමල
කතා නුඹට ලැබුණේ
වක්කඩ කැඩුවා සේ සිනාසෙන
සිනා ගඟුල මැවුනේ
නුඹෙ හිනා ගඟුල මැවුනේ..

පොඩි කුමාරිහාමියේ
එපා වලව්වට යන්න නියර පිට
බලා ඉන්න පොඩි කුමාරිහාමියේ
කාසි එපා නුඹ හිනාවෙවී
ඔහෙ බලා ඉන්නවා නම්

කඩා ගන්න බැරි වුනත් හරිම සුවඳයි
නෙරිය කොනේ මඩ තිතක් ඉහින්නට
ආසයි නුඹට හොරා
මාල හතක් බැඳ පෝරුව මත හිඳ
නොයන් මෙ ගම හැරදා
නුඹ නොයන් මෙ ගම හැරදා

පොඩි කුමාරිහාමියේ
එපා වලව්වට යන්න නියර පිට
බලා ඉන්න පොඩි කුමාරිහාමියේ
කාසි එපා නුඹ හිනාවෙවී
ඔහෙ බලා ඉන්නවා නම්

කාසි එපා නුඹ හිනාවෙවී
ඔහෙ බලා ඉන්නවා නම් //

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment