මස්කට් හදමූ 🔥😋 (Maskat)

මස්කට් හදමූ 🔥😋 (Maskat) - Your Choice Way
ඉතුරුම් බත් වලින් රසම රස මස්කට්.

✅ අවශ්‍ය ද්‍රව්‍ය :

  • බත් කෝප්ප 3
  • පොල්කිරි  කෝප්ප 3 (උකු මිටි කිරි)
  • සීනි  250g (රස  අනුව ගන්න )
  • ලුණු  රස  අනුව 
  • එනසාල්  ඇට කිහිපයක් 
  • වර්ණක හෝ සීනි කැරමල්
  • පොල්තෙල්  මේස හැදි  1
  • බැදපු රට කජු

✅ සාදා ගන්නා ආකාරය :

  1. මුලින්ම  බත් කෝප්ප 3 පොල්කිරි  කෝප්ප 1 සමග මිශ්‍ර  කර හොදට බ්ලෙන්ඩර් කරන්න.
  2. ඊට පස්සේ එම මිශ්‍රණය මස්කට් සැදීමට ගන්න බජනයට දමා ගෙන  ඉතිරි පොල්කිරි සීනි ලුණු එනසාල්  සීනි කැරමල් හෝ වර්ණක  එකතු කර හොදට  මිශ්‍ර කර ගන්න.
  3. ඊට  පසුව ලිපේ තබා නොනවත්වා හැදි ගාන්න.
  4. ටික වෙලාවකින් ලිපේ තිබියදීම  මිශ්‍රණයට පොල්තෙල් මේස හැදි 1 එකතු කරන්න.විනාඩි 20ක්‌ වගේ වෙනකොට පදම අතට දැනෙනවා මිශ්‍රණය හැන්දට ගුලියක් වගේ එනකොට ලිපෙන් බාගෙන  tray එකකට දා ගෙන කෑලි කපාගන්න.
♦️ඉතින් ආයෙ දවසක මේ වගේ තවත් රසම රස රෙසිපි එකකින් හමුවෙමු. ඔයාල සියළුම දෙනාට නිදුක් නීරෝගී සුවයෙන් සැමකල් ජීවත් වීමට වාසනාව ලැබේවා කියල වෙනද වගේම අදත් හදවතින්ම ආශිර්වාද කරනවා. 
උතුම් තෙරුවන් සරණයි සියළුම දෙනාට ☸ 

✍️ ගයාන් විදාන පතිරණ 
Lecturer in Management & English Language CA, IELTS Examiner, Ex-Banker, JP (All Island)
මස්කට් හදමූ 🔥😋 (Maskat) - Your Choice Way

මස්කට් හදමූ 🔥😋 (Maskat) - Your Choice Way

මස්කට් හදමූ 🔥😋 (Maskat) - Your Choice Way

මස්කට් හදමූ 🔥😋 (Maskat) - Your Choice Way

මස්කට් හදමූ 🔥😋 (Maskat) - Your Choice Way
👇 ඒ වගේම මේ තියෙන්නෙ මගේ Page එක.මේක English Language Page එකක්. ඉංග්‍රීසි ඉගෙන ගන්න කැමති අය ඉන්නවානම් Like එකක් දාල Join වෙන්න කියල ආරාධනා කරනවා.

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment