Budu Himiyantath Kaliyugaye Song Lyrics - බුදු හිමියන්ටත් කළියුගයේ ගීතයේ පද පෙළ

Budu Himiyantath Kaliyugaye Song Lyrics - බුදු හිමියන්ටත් කළියුගයේ ගීතයේ පද පෙළ
Song Title : Budu Himiyantath Kaliyugaye (බුදු හිමියන්ටත් කළියුගයේ)
ගායනය : විශාරද නන්දා මාලිනී
පද රචනය : මහාචාර්ය සුනිල් ආරියරත්න
තනුව : ආචාර්ය රෝහණ වීරසිංහ


පොළොන්නරු යුගයේදී
විද්‍යා චක්‍රවර්තී බුත්සරණ ලීවේත්
කෝට්ටේ යුගයේ වීදාගම හාමුදුරුවන්
බුදුගුණාලංකාරය ලීවේත්
දේව වාදයෙන් යටපත්වූ බුදු දහම නඟා සිටුවීමටයි.
මේ වූ කලී ... එවන් කෘතියකට ... කාලය එළඹ ඇති බව ...
මතක් කර දීමකි

බුදු හිමියන්ටත් කළියුගයේ
දෙවියන්ගේ පිහිටයි
බුදුන්ටත්
දෙවියන්ගේ පිහිටයි //

පරවුණු මල් දැක නිවුණු පහන් මැද
බුදු හිමි තනිවිය බුදු කුටියේ
මල්දම් පළතුරු අගිල් කපුරු මැද
දෙව් රජු වැජඹෙයි දෙව් මැදුරේ

බුදු හිමියන්ටත් කළියුගයේ
දෙවියන්ගේ පිහිටයි
බුදුන්ටත්
දෙවියන්ගේ පිහිටයි

යදියන් පුද දෙනරුපියල් සත ගෙන
රුපුන් නසා දී රැකවරණේ
දෙවියන් උපදින මුදලින් සුරැකෙයි
බුදුන් දහම් සඟ තුන් සරණේ

බුදු හිමියන්ටත් කළියුගයේ
දෙවියන්ගේ පිහිටයි
බුදුන්ටත්
දෙවියන්ගේ පිහිටයි

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment