Bo Mada Wagurana Song Lyrics - බෝ මැඩ වගුරන ගීතයේ පද පෙළ

Bo Mada Wagurana Song Lyrics - බෝ මැඩ වගුරන ගීතයේ පද පෙළ
Song Title : Bo Mada Wagurana (බෝ මැඩ වගුරන)
ගායනය : විශාරද නන්දා මාලිනී
පද රචනය : මහාචාර්ය සුනිල් ආරියරත්න
තනුව : ඔස්ටින් මුණසිංහ


බෝ මැඩ වගුරන
කිරි කළ දහසින්
වැලි මළුවේ කිරි දියර ගලා යයි
ඉන් එක කිරි කඳුළක් පින්වතුනේ
කිරට අඬන මගෙ බිළිඳුට දුන මැන

පූජාසනයේ කුහුඹු පිරිස මැද
පිළුණු වෙමින් යයි සුරස බොජුන් //
අහරට යදිනා පැල්පත් යායට
ඉන් බත් පිඬුවක් වීසි කරණු මැන

ගිනි මද්දහනේ දැවී නිවී යයි
අගිල් කපුරු දුම් සුවඳ ගිතෙල් //
දවනා මුදලින් පින්වත් ජනයිනි
දැවෙනා මිනිසෙකු සුවපත් කළ මැන

බෝ මැඩ වගුරන
කිරි කළ දහසින්
වැලි මළුවේ කිරි දියර ගලා යයි
ඉන් එක කිරි කඳුළක් පින්වතුනේ
කිරට අඬන මගෙ බිළිඳුට දුන මැන

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment