Adawan Dasin Song Lyrics - අඩවන් දෑසින් ගීතයේ පද පෙළ

Adawan Dasin Song Lyrics - අඩවන් දෑසින් ගීතයේ පද පෙළ
Song Title : Adawan Dasin (අඩවන් දෑසින්)
ගායනය : ආචාර්ය වික්ටර් රත්නායක
පද රචනය : මහගම සේකර
තනුව : සෝමදාස ඇල්විටිගල
(වෙස්ගත්තෝ චිත්‍රපටයෙන්) (1970)


අඩවන් දෑසින් පවසනු රහසින්
ජීවිතයේ රස මේ යැයි විගසින් //

පමා වෙවී හිඳිනට නැත වේලා
කාලය ඉගිලී යයි ඉගිලී යයි //
සුපුල් දෙතොල් රත් පැහැයෙන් තවරා //
මීවිත උතුරා යයි උතුරා

අඩවන් දෑසින් පවසනු රහසින්
ජීවිතයේ රස මේ යැයි විගසින් //

අවුල් දුහුල් වල සිහිල් පහස වැද
රඟනා රංගන නොනවත්වනු මැන
ඒ ගී හඬ මුලු ජීවිතයම සතු
රස බර සුළු මොහොතයි සුළු මොහොතයි

රෑ සිහිනෙන් දිව ගෑ සැපතක් සේ //
හෙට දින එය මිය යයි මිය යයි

අඩවන් දෑසින් පවසනු රහසින්
ජීවිතයේ රස මේ යැයි විගසින් //

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment