Bindumathi Song Lyrics - බින්දුමතී ගීතයේ පද පෙළ

Bindumathi Song Lyrics - බින්දුමතී ගීතයේ පද පෙළ
Song Title : Bindumathi (බින්දුමතී)
ගායනය : ආචාර්ය වික්ටර් රත්නායක
පද රචනය : ප්‍රේමකීර්ති ද අල්විස්
තනුව : ආචාර්ය වික්ටර් රත්නායක


බින්දුමතී
බින්දුමතී
මං ආදර පෙම්මාදර බින්දුමතී
පෙමා වඩන ලද බින්දුමතී

කළු උක් ගස විලසා කළු කළු නංගියේ
දර කඩලා ඉහ තියලා කොහිදෑ ගියේ //
ගොම්මං සමයමටා ගම හොල්මන් තියේ
නුඹ එක්කා මා එන්නා යම නංගියේ

මං ආදර පෙම්මාදර බින්දුමතී
පෙමා වඩන ලද බින්දුමතී //

ළිඳ ළඟටා යන්ට එපා දියබරියා කයි
වැට ළඟටා යන්ට එපා කබරගොයා එයි //
ගඟ ළඟටා යන්ට එපා අබිමානා එයි
පිට ගමටා යන්ට එපා මා මෙහි තනි වෙයි

මං ආදර පෙම්මාදර බින්දුමතී
පෙමා වඩන ලද බින්දුමතී //

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment