Balagiri Hetayi Song Lyrics - බාලගිරි හෙටයි ගීතයේ පද පෙළ

Balagiri Hetayi Song Lyrics - බාලගිරි හෙටයි ගීතයේ පද පෙළ
Song Title : Balagiri Hetayi (බාලගිරි හෙටයි)
ගායනය : එඩ්වඩ් ජයකොඩි
පද : කමල් විතාරණ
තනුව : දිනේෂ් බෝගොඩ


බාලගිරි හෙටයි
අද නොවෙයි මිණිබිරී
නාඬා නුඹ ඉඳීන්
ගිනි කඳට කන් නොදී
ඒවි හෙට උඩින්
සුදු පරෙවි හිනැහිහී
බාලගිරි වගේ වේ දැයි සැකද මිණිබිරී //

නාද ගොළු වෙලා පරෙවිනි පාද පැටලිලා
යාද අළු වෙලා ගින්නට හාදු තිය තියා
පාර බල බලා ඉන්නම් දෑස බොඳ වෙලා
බාලගිරි වගේ වේ දැයි සැකද මිණිබිරී

බාලගිරි හෙටයි
අද නොවෙයි මිණිබිරී
නාඬා නුඹ ඉඳීන්
ගිනි කඳට කන් නොදී
ඒවි හෙට උඩින්
සුදු පරෙවි හිනැහිහී
බාලගිරි වගේ වේ දැයි සැකද මිණිබිරී

සාද තිය තියා ඉරගින් පාත බල බලා
පේන කිය කියා ගිනිදැල් ඒද සිත සිතා
වේවි අපි පමා සිටියොත් ආඩපලි කියා
බාලගිරි වගේ වේ දැයි සැකද මිණිබිරී

බාලගිරි හෙටයි
අද නොවෙයි මිණිබිරී
නාඬා නුඹ ඉඳීන්
ගිනි කඳට කන් නොදී
ඒවි හෙට උඩින්
සුදු පරෙවි හිනැහිහී
බාලගිරි වගේ වේ දැයි සැකද මිණිබිරී

බාලගිරි වගේ වේ දැයි සැකද මිණිබිරී ///

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment