Maa Ipadunu Mage Ratata Song Lyrics - මා ඉපදුණු මගේ රටට ගීතයේ පද පෙළ

Maa Ipadunu Mage Ratata Song Lyrics - මා ඉපදුණු මගේ රටට ගීතයේ පද පෙළ
Song Title : Maa Ipadunu Mage Ratata (මා ඉපදුණු මගේ රටට)
ගායනය : එඩ්වඩ් ජයකොඩි සහ පිරිස
පද : චිත්‍රානන්ද අබේසේකර
තනුව : එඩ්වඩ් ජයකොඩි


මා ඉපදුණු මගේ රටට සේවය කරලා
ජීවිතයේ පරම සුවය සදහට සොයලා
රට වෙනුවෙන් දැය වෙනුවෙන් දා බිඳු හෙලා
පියවර පෙරමුණට නගමු ජය ගී ගයලා (ජය ගී ගයලා)

එඩිතර සිංහල විරුවන් ගිය මග යන්නේ
ඒ දස්කම් විස්කම් නෑ අමතක වෙන්නේ
ජාතික අනුරාගෙන් හදවත් පිබිදෙන්නේ
අප ජීවත් වන රට සුර පුර හෙළයන්නේ

මහවැලි කළු කැලණි මහා ගංගා හඬ දී
බැස යන නාදෙට හැම රාවෙම ලොව පරදී
මහ වැව් දාගැබ් හැදුවේ අපමය පෙරදී
ඒ බව සිහි කොට පෙරටම දිව යමු පිබිදී

මා ඉපදුණු මගේ රටට සේවය කරලා
ජීවිතයේ පරම සුවය සදහට සොයලා
රට වෙනුවෙන් දැය වෙනුවෙන් දා බිඳු හෙලා
පියවර පෙරමුණට නගමු ජය ගී ගයලා (ජය ගී ගයලා)

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment