Ape Pothe Song Lyrics - අපේ පොතේ ගීතයේ පද පෙළ

Ape Pothe Song Lyrics - අපේ පොතේ ගීතයේ පද පෙළ
Song Title : Ape Pothe (අපේ පොතේ)
ගායනය : රූකාන්ත ගුණතිලක මහත්මා


අපේ පොතේ ලියා ඇති කියුම් තමයි
මෙසේ කියන්නේ
හිතේ ඇති මැකී නැති මෙවන් වදන්
බොහෝ වටින්නේ
හිතා මතා බැලූ කෙනා නැතේ නැතේ
පරාදවෙන්නේ
ඈත නෙත හිතූ කෙනා අනාගතේ
ලොවේ දිනන්නේ

අපේ පොතේ ලියා ඇති කියුම් තමයි
මෙසේ කියන්නේ
හිතේ ඇති මැකී නැති මෙවන් වදන්
බොහෝ වටින්නේ
හිතා මතා බැලූ කෙනා නැතේ නැතේ
පරාදවෙන්නේ
ඈත නෙත හිතූ කෙනා අනාගතේ
ලොවේ දිනන්නේ

එදා පවා, මෙදා පවා, රටක් වටින
අපේ කතා, ගමේ රටේ තොටේ ඇහෙන්නේ
දුන්න අතත් හපා දමා, අඟත් කකා
කණත් කකා, හිතුමතේ ඔහේ දුවන්නේ
අනේ එවන් බොහෝ දෙනා
තවත් අපේ සමාජයේ කැපී පෙනී
සැපේ හිඳින්නේ, මෙකී නොකී, අපේ කතා
මේවා අපේ අපේ කතා නේ…

සමහරු ඒවි හිතවත්කම් පෙන්නා
මග අහුරාවී, ඒ මොකදෝ මන්දා
පැරදෙනු නැහැ නේ, සූස්තරේ දන්නා
කිසිවෙකු ලෝකේ සාස්තරේ හින්දා
මේ වගේ කතා රැඳේවි සැමදා හදේ
ජීවිතේ පුරා අගේ දැනේ…

එනකොට ආවේ තුත්තිරි ගහ අල්ලා
යලි යන කාලේ, ඒ මතකේ බිඳ
තව සමහරු මේ කෑගාන්නේ ඉල්ලලා
වැරදුණු විටදී යාවි අප හිඳ
මේවගේ කතා රැඳේවි සැමදා හදේ
ජීවිතේ පුරා අගේ දැනේ…

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment