Mee Witha Purawa Song Lyrics - මී විත පුරවා ගීතයේ පද පෙළ

Mee Witha Purawa Song Lyrics - මී විත පුරවා ගීතයේ පද පෙළ
Song Title : Mee Witha Purawa (මී විත පුරවා)
ගායනය : මර්වින් මිහිඳුකුල
සංගීතය : ක්ලැරන්ස් විජේවර්ධන
ගී පද : ක්ලැරන්ස් විජේවර්ධන


මී විත පුරවා සුර ළඳුනේ රස බැළුවා
සිත ඇතුළේ ගිණි දැල් නම් නිවී ගියේ නෑ
ඒ සුව යහනේ මද පවනේ අතීතයේ
සොඳුරු පැතුම් මිහිරි හැඟුම් මැකී ගියේ නෑ

හිරුට හොරෙන් සඳුට හොරෙන්
හිරුට හොරෙන් සඳුට හොරෙන් තනි වී දෙන්නා
ලොව පිබිදී ඇති විටදී සැඟවී උන්නා
මුව කොනකින් සිනහ වෙලා ගොළු වී උන්නා

මී විත පුරවා සුර ළඳුනේ රස බැළුවා
සිත ඇතුළේ ගිණි දැල් නම් නිවී ගියේ නෑ

හිතට හොරෙන් තෙනට හොරෙන්
හිතට හොරෙන් තෙනට හොරෙන් කතා කළේ නෑ
ඔබට හොරා තව කෙනෙකුට සිනාසුනේ නෑ
අතීතයේ මිහිරි හැඟුම් මැකී ගියේ නෑ

මී විත පුරවා සුර ළඳුනේ රස බැළුවා
සිත ඇතුළේ ගිණි දැල් නම් නිවී ගියේ නෑ
ඒ සුව යහනේ මද පවනේ අතීතයේ
සොඳුරු පැතුම් මිහිරි හැඟුම් මැකී ගියේ නෑ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment