Mata Mathakai Mana Banda Sina Song Lyrics - මට මතකයි මන බැන්දූ සිනා ගීතයේ පද පෙළ

Mata Mathakai Mana Banda Sina Song Lyrics - මට මතකයි මන බැන්දූ සිනා ගීතයේ පද පෙළ
Song Title : Mata Mathakai Mana Banda Sina (මට මතකයි මන බැන්දූ සිනා)
ගායනය : මර්වින් මිහිඳුකුල
සංගීතය : ක්ලැරන්ස් විජේවර්ධන
ගී පද : ක්ලැරන්ස් විජේවර්ධන


මට මතකයි මන බැන්දූ සිනා ඔබෙ
හද පතුලේ සිහි වෙන්නේ ඔයාවයි
කුඹුකේ ළිඳ ළඟදී
කුඹුකේ ළිඳ ළඟදී //

මහවැලි ගලලා ගමත් එලිය වීලා
අත මිට සරු වී කල සාරයි
මැණිකෙට රහසක් කියල එවන්නද
හනිකේ ඇවිදින් මා හමුවෙනවද
කුඹුකේ ළිඳ ළඟදී
කුඹුකේ ළිඳ ළඟදී

මට මතකයි මන බැන්දූ සිනා ඔබෙ...

කුරහන් හේනේ කරල් කපන්නට
තනියෙන් නම් මට බැහැ මැණිකේ
මගෙ පොඩි පැල්පත එළිය කරන්නට
හනිකේ ඇවිදින් මා හමුවෙනවද
කුඹුකේ ළිඳ ළඟදී
කුඹුකේ ළිඳ ළඟදී

මට මතකයි මන බැන්දූ සිනා ඔබෙ
හද පතුලේ සිහි වෙන්නේ ඔයාවයි
කුඹුකේ ළිඳ ළඟදී
කුඹුකේ ළිඳ ළඟදී

කුඹුකේ ළිඳ ළඟදී////

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment