Eda Pemwathun Song Lyrics - එදා පෙම්වතුන් ගීතයේ පද පෙළ

Eda Pemwathun Song Lyrics - එදා පෙම්වතුන් ගීතයේ පද පෙළ
Song Title : Eda Pemwathun (එදා පෙම්වතුන්)
ගායනය : මර්වින් මිහිඳුකුල


එදා පෙම්වතුන් සේ ලියූ පෙම් හසුන් කෝ
මෙදා මව්පියන් වී මැකීලා සිතින්
එදා පෙම්වතුන් සේ දෙඩූ පෙම් වදන්
මෙදා මව්පියන් වී සිඳීලා අපෙන්

තැනූ මල් යහන් ලියූ ඒ හසුන්
එදා පෙම්වතුන් දැන් මෙදා මව්පියන්
පැතූ පෙම් පැතුම් මැවූ පෙම් සිතුම්
අපේ සිත්වලින් දැන් මැකීලා සෙමින්

එදා පෙම්වතුන් සේ ලියූ පෙම් හසුන් කෝ
මෙදා මව්පියන් වී මැකීලා සිතින්
එදා පෙම්වතුන් සේ දෙඩූ පෙම් වදන්
මෙදා මව්පියන් වී සිඳීලා අපෙන්

නැගූ රන් තොරන් කියූ පෙම් වදන්
සිඳී අප සිතින් දැන් පැතූ ඒ දසුන්
එදා පෙම්වතුන් මෙදා මව්පියන්
අපේ නෙත්වලින් දැන් මැකීලා ගිහින්

එදා පෙම්වතුන් සේ ලියූ පෙම් හසුන් කෝ
මෙදා මව්පියන් වී මැකීලා සිතින්
එදා පෙම්වතුන් සේ දෙඩූ පෙම් වදන්
මෙදා මව්පියන් වී සිඳීලා අපෙන්

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment