Epa Wennata Pera Obata Song Lyrics - එපා වෙන්නට පෙර ඔබට ගීතයේ පද පෙළ

Epa Wennata Pera Obata Song Lyrics - එපා වෙන්නට පෙර ඔබට ගීතයේ පද පෙළ
Song Title : Epa Wennata Pera Obata (එපා වෙන්නට පෙර ඔබට)
ගායනය : ලක්ෂ්මන් හේවාවිතාරණ
පද රචනය : රත්න ශ්‍රී විජේසිංහ
තනුව හා සංගීතය : රෝහණ වීරසිංහ


එපා වෙන්නට පෙර ඔබට
මට අවසරයි නික්මී යන්න
ලියූ දහසක් කවි වලින් මට
එකම කවියක්වත් දෙන්න ...//

නිදා නොනිදා පහන් කළ රෑ
කෙතරම්ද මේ අහස යට ...//
කියා ගන්නට බැරිව හිටි දුක්
දන්නෙ කවුරුද ඔබම මිස

එපා වෙන්නට පෙර ඔබට
මට අවසරයි නික්මී යන්න
ලියූ දහසක් කවි වලින් මට
එකම කවියක්වත් දෙන්න

මලානික වූ මලක් ආයෙත්
පිපේවිද කොයි කවර ලෙස ...//
පිපේ නම් ඒ ඔබටමයි
කාට අයිතිද ඔබට මිස

එපා වෙන්නට පෙර ඔබට
මට අවසරයි නික්මී යන්න
ලියූ දහසක් කවි වලින් මට
එකම කවියක්වත් දෙන්න

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment