Geeyak Liyanne Kesedo Song Lyrics - ගීයක් ලියන්නේ කෙසේදෝ ගීතයේ පද පෙළ

Geeyak Liyanne Kesedo Song Lyrics - ගීයක් ලියන්නේ කෙසේදෝ ගීතයේ පද පෙළ
Song Title : Geeyak Liyanne Kesedo (ගීයක් ලියන්නේ කෙසේදෝ)
ගායනය : ක්ලැරන්ස් විජේවර්ධන
සංගීතය : ක්ලැරන්ස් විජේවර්ධන
ගී පද : ක්ලැරන්ස් විජේවර්ධන


ගීයක් ලියන්නේ කෙසේදෝ
කාටදෝ කා ගැනදෝ //
ගීයක් ලියන්නේ කෙසේදෝ

පෑනයි පොතයි මාගෙ හිස් වූ හිතයි
නින්දෙන් වගේ අඩවන් වූ නෙතයි //
සිතෙන්දෝ දකින්නේ නෙතින්දෝ මගේ
ලියා දෙන්න කවුරුත් නැතේ

ගීයක් ලියන්නේ කෙසේදෝ
කාටදෝ කා ගැනදෝ
ගීයක් ලියන්නේ කෙසේදෝ

මුහුදයි තෙරයි ඈත ආකාසයයි
තරුවයි සඳයි ඒ පරාදීසයයි //
කොහෙන්දෝ පටන්ගන්නෙ අවසන් කරන්නේ
කියා දෙන්න කවුරුත් නැතේ

ගීයක් ලියන්නේ කෙසේදෝ
කාටදෝ කා ගැනදෝ //
ගීයක් ලියන්නේ කෙසේදෝ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment