Ran Samanalayin Song Lyrics - රන් සමනළයින් ගීතයේ පද පෙළ

Ran Samanalayin Song Lyrics - රන් සමනළයින් ගීතයේ පද පෙළ
Song Title : Ran Samanalayin (රන් සමනළයින්)
ගායනය : ක්ලැරන්ස් විජේවර්ධ
සංගීතය : ක්ලැරන්ස් විජේවර්ධ
ගී පද : ක්ලැරන්ස් විජේවර්ධන


රන් සමනළයින් ඉගිළෙනු දැක මට
ඇගෙ නෙතු පියළිය සිහි වෙනවා
රන් සුරපුරකට මා කැඳවන්නට
රම්‍යා ගැන සිතුවිලි එනවා

පොත් මිටියක් ගෙන ළමැද තබා
කෙටි පියවර මැන තනිව මගේ
පාසල වෙත යන ගමන ඇගේ
මතකින් නොමැකී තවම තිබේ

රන් සමනළයින් ඉගිළෙනු දැක මට
ඇගෙ නෙතු පියළිය සිහි වෙනවා
රන් සුරපුරකට මා කැඳවන්නට
රම්‍යා ගැන සිතුවිලි එනවා

සිතුවිලි පොදි බැඳ මහද රැඳී
සෙනෙහස් ගඟුළේ සිටිය රැඳී
කවදද මගෙ සෙවණට එන්නේ
රම්‍යා මට ඔබ සිහි වෙන්නේ

රන් සමනළයින් ඉගිළෙනු දැක මට
ඇගෙ නෙතු පියළිය සිහි වෙනවා
රන් සුරපුරකට මා කැඳවන්නට
රම්‍යා ගැන සිතුවිලි එනවා
එනවා එනවා එනවා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment