Nil Mini Denethe Song Lyrics - නිල් මිණි දෙනෙතේ ගීතයේ පද පෙළ

Nil Mini Denethe Song Lyrics - නිල් මිණි දෙනෙතේ ගීතයේ පද පෙළ
Song Title : Nil Mini Denethe (නිල් මිණි දෙනෙතේ)
ගායනය : රූකාන්ත ගුණතිලක, චන්ද්‍රලේඛා පෙරේරා
සංගීතය : රූකාන්ත ගුණතිලක


නිල් මිණි දෙනෙතේ ආදර සිහිනේ
හැබැහින් දකින්න ළංවී හිඳින්න
මට සිතුණා මැණිකේ
ලා තරු එළියේ පායන සඳ සේ
සිසිලස බෙදන්න ඔබ ළඟ රැඳෙන්න
ළං වෙනු මැන පෙර සේ

නිල් මිණි දෙනෙතේ ආදර සිහිනේ

මේ දිවි ගමන දුරයි
සතුටයි නිරන්තරේ
රන් මුතු වරුසා වැහැලා මිණි දෙහදේ
ලොව කුළු නැගෙන්න අහසේ
තරු පෙලගැහෙන්න රහසේ
මගෙ හිත හඳුණාගෙන ආවා සුහදේ

නිල් මිණි දෙනෙතේ ආදර සිහිනේ

විශ්වය මනෝහරයි
අපෙ ආදරෙ හැඟුම්බරයි
ඉර හඳ දේදුණු දිලෙන්නෙ අපට තමයි
සිසිලක් සදන්න දිවියේ
ළංවී හිඳින්න සසරේ
මගෙ දිවි ගමනේ සෙවණැල්ලත් ඔබමයි

නිල් මිණි දෙනෙතේ ආදර සිහිනේ
හැබැහින් දකින්න ළංවී හිඳින්න
මට සිතුණා මැණිකේ
ලා තරු එළියේ පායන සඳ සේ
සිසිලස බෙදන්න ඔබ ළඟ රැඳෙන්න
ළං වෙනු මැන පෙර සේ

නිල් මිණි දෙනෙතේ ආදර සිහිනේ
හැබැහින් දකින්න ළංවී හිඳින්න
මට සිතුණා මැණිකේ
ලා තරු එළියේ පායන සඳ සේ

නිල් මිණි දෙනෙතේ ආදර සිහිනේ //

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment