Jesuni Obata Adare Song Lyrics - ජේසුනී ඔබට ආදරේ ගීතයේ පද පෙළ

Jesuni Obata Adare Song Lyrics - ජේසුනී ඔබට ආදරේ ගීතයේ පද පෙළ
Song Title : Jesuni Obata Adare (ජේසුනී ඔබට ආදරේ)
ගායනය : රූකාන්ත ගුණතිලක
සංගීතය : රූකාන්ත ගුණතිලක
ගී පද : රූකාන්ත ගුණතිලක


ජේසුනී ඔබට ආදරේ
පව්කාරයා මං
මා සිතේ මටම වද දෙනා
පව්කාරයා මං

ඔබෙ දෙසුම් අසන්නට ආසයි
ඒ පණත් රකින්නට ආසයි
ඔබ වාගෙ ඉන්නටත් ආසයි
ඒ වුණාට බාධක බෝමයි
ඒ වුණාට බාධක බෝමයි...

ජේසුනී ඔබට ආදරේ
පව්කාරයා මං

මං සීල සමාදන් වෙනවා
පාපෙට යළි යළි වැටෙනවා
සතුරන්ට සමාවත් දෙනවා
යළි ඔවුනට බැණ වදිනවා
ඉඳහිටලා දන් දෙනවා
දීලා අඬ බෙර ගහනවා
දුක දහදිය හොරකම් කරනවා
ඉන් පස්සෙ මම රජ වෙනවා

ජේසුනී
මා සිතේ මටම වද දෙනා
පව් කාරයා මං

ජේසුනී
ඔබෙ දයාව අයදිනා
පව් කාරයා මං

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment