Bol Pini Wehena Welawe Song Lyrics - බොල්පිණී වෑහෙන වේලාවේ ගීතයේ පද පෙළ

Bol Pini Wehena Welawe Song Lyrics - බොල්පිණී වෑහෙන වේලාවේ ගීතයේ පද පෙළ
Song Title : Bol Pini Wehena Welawe (බොල්පිණී වෑහෙන වේලාවේ)
ගායනය : රූකාන්ත ගුණතිලක
සංගීතය : රූකාන්ත ගුණතිලක
ගී පද : සරත් සී. ප්‍රනාන්දු


බොල්පිණී වෑහෙන වේලාවේ
ඔබගෙන් සමුගෙන යා යුතුවේ
තාමත් ඔබ ඇත සුව නින්දේ
ඒකයි මා නොකියා යන්නේ //
බොල්පිණී වෑහෙන වේලාවේ

ගැලපිට නැගලා ඈත ගම් බලා
පියමන් කරවන්නේ
තවත් නිවහනෙක ගිමන් නිවනතුරු
ඔබ සිහියට එන්නේ
ඔබගෙන් සමුගෙන මා යන්නේ

ඔබ අවදිව මා සොයනු එපා
ඈතයි මා ඉන්නේ
තවලම්කරුවෝ කවරදාක හෝ
එකම තැනක උන්නේ

බොල්පිණී වෑහෙන වේලාවේ
ඔබගෙන් සමුගෙන යා යුතුවේ
තාමත් ඔබ ඇත සුව නින්දේ
ඒකයි මා නොකියා යන්නේ //
බොල්පිණී වෑහෙන වේලාවේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment