Lassanai Uma Song Lyrics - ලස්සනයි උමා ගීතයේ පද පෙළ


Lassanai Uma Song Lyrics - ලස්සනයි උමා ගීතයේ පද පෙළLassanai Uma Song Lyrics - ලස්සනයි උමා ගීතයේ පද පෙළ

Song Title : Lassanai Uma (ලස්සනයි උමා)
ගායනය : සමන් ජයනාත් ජිනදාස
පද රචනය : සුදත් ගාමිණී බණ්ඩාර
සංගීතය : ආනන්ද පෙරේරා


තුමුල නමුණුකුල ගිරිහිස උදුල සඳ මඬළ
දු‍ටු නෙත ‍ රැව‍ටුනා තමයි
කිමද මේ තරම් ඒ ගැන
හිනැහෙන්නට කාරණා
මුහුන රතු වෙලා දෙනෙතින්
කඳුළු පනින තුරු එළියට
ඔහොම හිනා වෙනකොට නුඹ ලස්සනයි උමා…

නුඹෙ වත මඬළ සඟවා මුවාවෙන ලෙසින් අතුරන
සීත පිණි නිසා තිලකය පාළු වෙයි උමා…
සීත මීදුමේ තිරපට වළලු ලූ අතින් ඉවතට
ඈත් කර හොරෙන් හිමිහිට බලාපන් උමා…

තුමුල නමුණුකුල ගිරිහිස උදුල සඳ මඬළ
දු‍ටු නෙත ‍ රැව‍ටුනා තමයි
කිමද මේ තරම් ඒ ගැන
හිනැහෙන්නට කාරණා
මුහුන රතු වෙලා දෙනෙතින්
කඳුළු පනින තුරු එළියට
ඔහොම හිනා වෙනකොට නුඹ ලස්සනයි උමා…

කන්ද උඩ රනින් දිදුලන කන්ද කදිර දේවාලය
අපට පිහිට වෙයි කියලා හිතනවද උමා..
අප වටා නැගෙන උවදුරු
ඈත් වී නොබෝ කලකින්
පිච්ච මල් සුවඳ විතරක් ඉතිරිවේද උමා…

තුමුල නමුණුකුල ගිරිහිස උදුල සඳ මඬළ
දු‍ටු නෙත ‍ රැව‍ටුනා තමයි
කිමද මේ තරම් ඒ ගැන
හිනැහෙන්නට කාරණා
මුහුන රතු වෙලා දෙනෙතින්
කඳුළු පනින තුරු එළියට
ඔහොම හිනා වෙනකොට නුඹ ලස්සනයි උමා…

තුමුල නමුණුකුල ගිරිහිස උදුල සඳ මඬළ
දු‍ටු නෙත ‍ රැව‍ටුනා තමයි
කිමද මේ තරම් ඒ ගැන
හිනැහෙන්නට කාරණා
මුහුන රතු වෙලා දෙනෙතින්
කඳුළු පනින තුරු එළියට
ඔහොම හිනා වෙනකොට නුඹ ලස්සනයි උමා…

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment