Sumudu Nidi Kumari Song Lyrics - සුමුදු නිදි කුමරී ගීතයේ පද පෙළ

Sumudu Nidi Kumari Song Lyrics - සුමුදු නිදි කුමරී ගීතයේ පද පෙළ
Song Title : Sumudu Nidi Kumari (සුමුදු නිදි කුමරී)
ගායනය : ලක්ෂ්මන් විජේසේකර සහ එඩ්වඩ් ජයකොඩි
පද රචනය : ජයලත් මනෝරත්න
තනුව හා සංගීතය : ආචාර්ය රෝහණ වීරසිංහ
ජයලත් මනෝරත්නගේ "තලමල පිපිලා" නා‍ට්‍ය‍යෙන්


සුමුදු නිදි කුමරී
උපන් කළු සිහිනයේ
නිසොල්මන් රෑ ගලා එන්නී දුරු රටින්
ලතැවුලින් දැවෙනා නුවරුන් සිප වැලඳ ගන්නී

ජීවිතේ නැවතුම්පළේ හිඳ
විදා මායා සිහිල් සළුපිලි
කරන්නී ඇරයුම් උන් හට
රඟන්නට නෙතු පියා
නැඟෙන්නට දුර ඈත අහසට
බොල් පොළොව මත තැබූ පා ඔසවා

කාගෙදෝ ශාපයෙන්
උමතුව හඬනා
සබඳ එව මා තැනූ මාවත නුදුරේ
සැනසුමේ සුවඳක් එහි ඇත තනිවී
වහා යවු නොබියව එය විඳිව්
රජෙකු සේ කුමරෙකු සේ
රජෙකු සේ කුමරෙකු සේ
පියකරුයි රෑ රුපුනගේ ලෝ
වැසේ බොඳවේ සැඟවේ
ඉකිබිඳී පරිසරේ
ඒ හඬ වන පෙතේ මිය ඇදුනේ

රුහිරු විල්තෙර බවුන් වඩනා
පරල වූ ඍසිවරුනේ
මෞ‍ලි මංග‍ල්ලය‍ට‍ සැරසෙව්
රුවැති නිදි කුමරියනේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment