Nisala Kandu Mudun Pibidi Song Lyrics - නිසල කඳු මුදුන් පිබිදී ගීතයේ පද පෙළ

Nisala Kandu Mudun Pibidi Song Lyrics - නිසල කඳු මුදුන් පිබිදී ගීතයේ පද පෙළ
Song Title : Nisala Kandu Mudun Pibidi (නිසල කඳු මුදුන් පිබිදී)
ගායනය : ලක්ෂ්මන් විජේසේකර
පද රචනය : ජයලත් මනෝරත්න
තනුව හා සංගීතය : තිස්සසිරි පෙරේරා


නිසල කඳු මුදුන් පිබිදී මීදුම් මල් පිපෙනා
සිහිල් දිය ඉරක් විය ඔබ උදෑසනක ගලනා ...//

බක්මී මල් රේණු හැදී මාරුතයේ නටනා
ජීවිතයේ සැන්දෑවක සමීපයේ හිඳිනා
සෙනෙහස ඔබ පමණි

නිසල කඳු මුදුන් පිබිදී මීදුම් මල් පිපෙනා
සිහිල් දිය ඉරක් විය ඔබ උදෑසනක ගලනා

කණාමැදිරි මල් පිබිදී රැයක අඳුර හඬනා
ජීවිතයේ විරාමයක ඔබ සැතපුණු සැණිනා
මතකය ඔබ පමණි

නිසල කඳු මුදුන් පිබිදී මීදුම් මල් පිපෙනා
සිහිල් දිය ඉරක් විය ඔබ උදෑසනක ගලනා ..//

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment