Wathkam Kisiwak Natha Ada Ma Sathu Song Lyrics - වත්කම් කිසිවක් නැත අද මා සතු ගීතයේ පද පෙළ

Wathkam Kisiwak Natha Ada Ma Sathu Song Lyrics - වත්කම් කිසිවක් නැත අද මා සතු ගීතයේ පද පෙළ
Song Title : Wathkam Kisiwak Natha Ada Ma Sathu (වත්කම් කිසිවක් නැත අද මා සතු)
ගායනය : ලක්ෂ්මන් විජේසේකර
පද රචනය : දයා ද අල්විස්
තනුව හා සංගීතය : රෝහණ වීරසිංහ


වත්කම් කිසිවක් නැත අද මා සතු
සතුට ද විය අහිමී
සැනසුම සම්පත මිහිරි අතීතය
පෙම් කළ ඇය සතු වී

ගිම්හානයකය අද ඔබ ආවේ
මගෙන් සතුට ඉල්ලා ..//
කෙලෙස ද ළඳුනේ සතුට සොයන්නේ
ඇය එය ගෙනිහිල්ලා

වත්කම් කිසිවක් නැත අද මා සතු
සතුට ද විය අහිමී
සැනසුම සම්පත මිහිරි අතීතය
පෙම් කළ ඇය සතු වී

ඇය උදුරාගත් සොම්නස සැනසුම
ඔබ සතු විය යුතුවේ ...//
සත්‍යය පමණකි ඉතිරි ව ඇත්තේ
පුද දෙම් එය ළඳුනේ

වත්කම් කිසිවක් නැත අද මා සතු
සතුට ද විය අහිමී
සැනසුම සම්පත මිහිරි අතීතය
පෙම් කළ ඇය සතු වී

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment