Neela Ahase Dili Song Lyrics - නීල අහසේ දිලී ගීතයේ පද පෙළ

Neela Ahase Dili Song Lyrics - නීල අහසේ දිලී ගීතයේ පද පෙළ

Neela Ahase Dili Song Lyrics - නීල අහසේ දිලී ගීතයේ පද පෙළ
Song Title : Neela Ahase Dili (නීල අහසේ දිලී)
ගායනය : විජය කුමාරතුංග සහ ලතා වල්පොල
පද : ?
තනුව හා සංගීතය : සරත් ද අල්විස්
1987 දී තිරගතවූ හිත හොඳ චණ්ඩියා චිත්‍රපටියේ ගීයකි.
(පද මෙයින් කෙනෙකුගේය : බණ්ඩාර කේ. විජයතුංග, හර්බට් රංජිත් පීරිස්, සෝමපාල ලීලානන්ද, ආනන්ද එස්. විජේසිරි )


ආ... ආ ආ.. ආ.. ආ ආ ආ ....
හෝ .. ඕ හෝ.. ඕ .. ඕ ඕ ඕ ...

නීල අහසේ දිලී තාරකාවෝ
ඔබේ දෑසේ පිපී පායලා
දිලුනා රන් තාරකා පතිඳා විලාසේ
මගේ පැතුමයි ඔබේ ආදරේ
නෙළූ සෙවණේ තැනූ මාලිගාවේ

මුවගින් නොවූවත් නෙතගින් කතා වූ

මුවගින් නොවූවත් නෙතගින් කතා වූ
වදනක් පාසා සැබෑවී
වදනින් සිනාවෙන් එක්වූ විලාසෙන්
පැතුමයි මාගේ දයාවේ

අහසෙ වලාවයි සයුරේ ලතාවයි
ගඟුලෙ තරංගයි කුරු‍ලෝ කැදැල්ලයි
ඔබ මා හා ළං කළේ හෝ ..
ඔබ මා හා ළං කළේ

නීල අහසේ දිලී තාරකාවෝ
ඔබේ දෑසේ පිපී පායලා
නෙළූ සෙවණේ තැනූ මාලිගාවේ

පුළුලුර තලාවේ මා නෙත් දකින්නේ
මසිතට හිමි ආසනේ හෝ ..
සුසුමින් ගලා ආ සුවඳින් දැනෙන්නේ
සුසුමින් පාවූ සෙනේහේ

ගඟුලෙ තරංගයි කුරු‍ලෝ කැදැල්ලයි
අහසෙ වලාවයි සයුරේ කතාවයි
ඔබ මා හා ළං කළේ හෝ ..
ඔබ මා හා ළං කළේ

නීල අහසේ දිලී තාරකාවෝ
ඔබේ දෑසේ පිපී පායලා
දිලුනා රන් තාරකා පතිඳා විලාසේ
මගේ පැතුමයි ඔබේ ආදරේ
නෙළූ සෙවණේ තැනූ මාලිගාවේ

ආ... ආ ආ.. ආ.. ආ ආ ආ ....
හෝ .. ඕ හෝ.. ඕ .. ඕ ඕ ඕ ...
ආ... ආ ආ.. ආ.. ආ ආ ආ ....
හෝ .. ඕ හෝ.. ඕ .. ඕ ඕ ඕ ...

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment