Latha Song Lyrics - ලතා ගීතයේ පද පෙළ

Latha Song Lyrics - ලතා ගීතයේ පද පෙළ
Song Title : Latha (ලතා)
ගායනය : සුනිල් පෙරේරා, ජිප්සීස්
සංගීතය : සුනිල් පෙරේරා, ජිප්සීස්


අද කතා නැත්තෙ මොකද උඹ ලතා
උඹ එපා අඬන්නට මගේ සුදා
මට නිකං ලැබුණෙ බං ඒක නිසයි බිව්වෙ මං
නාඬා මට බත් ටික බෙදපං
මට නිකං ලැබුණෙ බං ඒක නිසයි බිව්වෙ මං
නාඬා මට බත් ටික බෙදපං

මම වැඩ ඇරිල ගෙදර එන්න එනකොට
මුණගැසිල මිතුරෙක් මට කරපු වදේට
අදි මදි කරල ගියා ටිකක් බොන්නට
පමා වුණේ ඒකයි මම ගෙදර එන්නට
සුදෝ එපා අඬන්න කඳුළු සලන්න
ලතා ඉතිං කතා කරන්න
සුදෝ එපා අඬන්න කඳුළු සලන්න
ලතා ඉතිං කතා කරන්න

එකක් අරන් හිතුවේ මං නවත්වන්නට
එක දෙක වුණ දෙක තුන වුණ මගේ කරුමෙට
උඹව මතක් වෙලා ගෙදර එන්න එනකොට
යාළුව කරදර කෙරුවනෙ තවත් බොන්නට
සුදෝ එපා අඬන්න කඳුළු සලන්න
ලතා ඉතිං කතා කරන්න
සුදෝ එපා අඬන්න කඳුළු සලන්න
ලතා ඉතිං කතා කරන්න

මට දුක දෙන්නද උඹ තවත් අඬන්නේ
සිත රිදුණා නම් මට සමා වෙන්නේ
මගෙ ආදර රන් කඳ අනෙ මේ අහපන්නේ
නැත මින් පසු කිසි දිනකදි මම නම් බොන්නේ
සුදෝ එපා අඬන්න කඳුළු සලන්න
ලතා ඉතිං කතා කරන්න
සුදෝ එපා අඬන්න කඳුළු සලන්න
ලතා ඉතිං කතා කරන්න

අද කතා නැත්තෙ මොකද උඹ ලතා
උඹ එපා අඬන්නට මගේ සුදා
මට නිකං ලැබුණෙ බං ඒක නිසයි බිව්වෙ මං
නාඬා මට බත් ටික බෙදපං
මට නිකං ලැබුණෙ බං ඒක නිසයි බිව්වෙ මං
නාඬා මට බත් ටික බෙදපං //

නාඬා මට බත් ටික බෙදපං
ලතා ළතා ඉතිං කතා කරපං
ලතා දැං ඉතිං කතා කරපං

ලතා දැං ඉතිං කතා කරපං///
ලතා තාමත් නෝ කතා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment