Adaraya Pamanakda Song Lyrics - ආදරය පමණක්ද ගීතයේ පද පෙළ

Adaraya Pamanakda Song Lyrics - ආදරය පමණක්ද ගීතයේ පද පෙළ
Song Title : Adaraya Pamanakda (ආදරය පමණක්ද)
ගායනය : විජය කුමාරතුංග සහ මාලිනී බුලත්සිංහල
පද : කුලරත්න ආරියවංශ
තනුව : රෝහණ වීරසිංහ


ආදරය පමණක්ද ජීවිතය නැගණියේ
ජීවිතේ කෙතෙක් දුර ඇතිද තව ඉදිරියේ

ප්‍රේමයේ අරුත මට කියා දුන්නේ ඔහුය
ලැබූ ඒ පෙමින් තොර ලොවක් ගැන නොසිතුවෙමි

මුළු ලොවම ඔහු විනැයි සිතා සිටියෙමි නිබඳ
මගේ ලොව ඔහු වටා මැවෙයි දවසින් දවස

දනිමි ඔහු එවන් ලොව බිඳ දමා ගිය පුවත
උරුම වී ඇත ඔබට පෙමින් සිදුවන විපත

ආදරය පමණක්ද ජීවිතය නැගණියේ
ජීවිතේ කෙතෙක් දුර ඇතිද තව ඉදිරියේ

ප්‍රේමයේ අරුත මට කියා දුන්නේ ඔහුය
ලැබූ ඒ පෙමින් තොර ලොවක් ගැන නොසිතුවෙමි

සැඳෑවක උයන් තෙර රැඳී ඔහු උණුසුමේ
නිවී සැනසුණ පැයක ලොවම අමතක කළේ

ඔබට අමතක වුවත් ලොවට ඔබ මතක ඇත
නෙතේ කඳුළැලි නිවා යළිත් හිනැහෙනු මැනවි

ආදරය පමණක්ද ජීවිතය නැගණියේ
ජීවිතේ කෙතෙක් දුර ඇතිද තව ඉදිරියේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment