Surangana Kathawak Song Lyrics - සුරංගනා කතාවක් ගීතයේ පද පෙළ

Surangana Kathawak Song Lyrics - සුරංගනා කතාවක් ගීතයේ පද පෙළ
Song Title : Surangana Kathawak (සුරංගනා කතාවක්)
Lyrics : Sudanthi Anuruddhika (සුදන්ති අනුරුද්ධිකා)


පාට පාට හරි ලස්සන
මුරණ්ඩු සමනල් පැටියෙක්
චණ්ඩ වෙලා හිතු හිතු අත
පියාඹපු හැටි,,,,

කණ පැහැ හිස් අහස් ඉමක
අඩන්න ළඟ වලාකුලක්
මුරණ්ඩු සමනල් පැටියව
ලඟට ගත් හැටි,,,

පාට පාට තටු යුවලින්
සිත් අහසේ පියා සලා
කළු සුදු සිතිවිලි
දේදුනු පාට කල හැටි,,,,

වලාකුලත්,යන එන මග
හරි වැරැද්ද පහදා දී
මුරණ්ඩු සමනල් පැටියව
මෙල්ල කල හැටි,,,,,

ඒ පොඩි සමනල් පැටියව
බලන් නැතුව දකින් නැතුව
වලාකුලට එක දවසක්
ඉන්න බැරි හැටි,,

නෑකමකින් මනින්න බැරි
හරි පිවිතුරු සෙනෙහසකින්
සමනල් පැටියා අහසෙම
නතර උන හැටි,,,,,,,,,,

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment