Ayanna Kiyanna Song Lyrics - අයන්න කියන්න ගීතයේ පද පෙළ

Ayanna Kiyanna Song Lyrics - අයන්න කියන්න ගීතයේ පද පෙළ
Song Title : Ayanna Kiyanna (අයන්න කියන්න)
Singing : Nanda Malani (විශාරද නන්දා මාලනි මහත්මිය)
පද රචනය : මහාචාර්ය සුනිල් ආරියරත්න
තනුව : මර්වින් පෙරේරා


අයන්න කියන්න ලොවටම ඇහෙන්න
එන්න මගේ මල්ලී
දුවන්න පනින්න නටන්න ගයන්න
එන්න මගේ නංගී ...//

පාසල නම් රන් දෙවොලේ
දෙවියන් වන් ගුරු කැළගේ
සිත දිනමින් පා හෙවණේ
ශිල්ප ලබා මතු දවසේ
ලෝකය දකින්න
එහි සැරිසරන්න
එන්න මගේ මල්ලී
එන්න මගේ නංගී

අයන්න කියන්න ලොවටම ඇහෙන්න
එන්න මගේ මල්ලී
දුවන්න පනින්න නටන්න ගයන්න
එන්න මගේ නංගී

කාසි පනම් හිටි හැටියේ
සතුරෝ ගෙන යති රහසේ
පොතින් පතින් ලද දැණුමේ
ධනය සදාකල් සුරැකේ
ඥානය වඩන්න
කාලය ගෙවන්න
එන්න මගේ මල්ලී
එන්න මගේ නංගී

අයන්න කියන්න ලොවටම ඇහෙන්න
එන්න මගේ මල්ලී
දුවන්න පනින්න නටන්න ගයන්න
එන්න මගේ නංගී

එන්න මගේ මල්ලී
එන්න මගේ නංගී ...///

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment