Sudu Piruwatayak Uda Song Lyrics - සුදු පිරුවටයක් උඩ පද පෙළ

Sudu Piruwatayak Uda Song Lyrics - සුදු පිරුවටයක් උඩ පද පෙළ
Song Title : Sudu Piruwatayak Uda (සුදු පිරුවටයක් උඩ)
Lyrics : K.Chandima Manohari perera (කේ. චන්දිමා මනෝහරි පෙරේරා)

සුදු පිරුවටයක් උඩ
පිරිසිදු කම මනින,
මංගල පෝරුව මත
පිරිසිදු කම මනින,
කුලමල මත ගෙන
සනුහරෙ මනින,
ගැහැනිය  මේ හැම
දේකම මැදි වෙනවා
පිළිතුරු දීමට........

එනමුදු  සමහරු

රහසෙම රැයකම
කුටියක ලැග හිඳ,
සුරසැප කතකගෙ
මුදලට අරගෙන,
නා ගෙන පිරිසිදු 
බව පෙන්නාගෙන,
ගෙට එනවා හිමිහිට 
වැරදිම නැති ගා⁣නට
එනමුදු ,
සොයනවා පිවිතුරු කම
දෑඟිලි බදිනා 
ගැහැනියගෙම.....

යථාර්ථය ...........

෴මනෝහරි ෴ 2021/01/10
👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment