Pothak Ekka Payak Song Lyrics - පොතක් එක්ක පැයක් ගීතයේ පද පෙළ

Pothak Ekka Payak Song Lyrics - පොතක් එක්ක පැයක් ගීතයේ පද පෙළ
Song Title : Pothak Ekka Payak (පොතක් එක්ක පැයක්)
Lyrics : Dulani Chamalka (දුලනි චමල්කා)

ජීවිතයට නව පාඩම් කියා දෙන
කියවන දනාගේ සිත් සතුටින් තියන
නිදහස් වෙලාවට පාළුව මකාලන
පොතක මහිම නැත කියලා නිම කෙරුන

තාක්ෂණේ කොපමනකින් දියුණු උනත්
අන්තර්ජාලයේ කොපමණ සැරිසැරුවත්
බුකියේ පිටු අතර කාලය කා දැමුවත්
පොතක අගය නිම කල හැකි වේද තවත්

ඕප දූප හිස් වචනයි බුකිය පුරා
දැක ගන්නට වන්නේ සැරිසරන තුරා
පොතක් කියවලා එහි රස ගන්න තුරා
අගය දැනෙන්නේ නෑ ඒ පොත බලන තුරා

පොත පත නිසා ජය ගත්තේ මිනිස්සු
පොත පත නිසා දියුණු උනේ මිනිස්සු
තාක්ශනේ පෙරටුව දැන් මිනිස්සු
අමතක කර දමා ඇත පොත් මිනිස්සු

ජීවිතයේ රස විදිනට පුරුදු උන
මිනිසුන් තවම ඇත පොතටම පුරුදු උන
තාක්ශනේ මත යැපිලා පරල උන
කලට දැනේ අගය පොතකට උරුම උන

දුලා..✍️

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment