Loku Ayiya Man Song Lyrics - ලොකු අයියා මං ගීතයේ පද පෙළ

Loku Ayiya Man Song Lyrics - ලොකු අයියා මං ගීතයේ පද පෙළ
Song Title : Loku Ayiya Man (ලොකු අයියා මං)
Lyrics : Dulani Chamalka (දුලනි චමල්කා)

හිරුත් එක්ක නැගිටින්නේ හිනා වෙලා
ඉස්කෝලේ යන්නට දැං පමා වෙලා
කහට කෝප්පෙන් කුස ගිනි නිවාලා
හනිකට දුවගියේ පාසල වෙත දුවලා

පාසල ඇරී විගසින් ගෙට ගොඩවන්නේ
තම්බා තැබූ කිරි අල දෙක බුදින්නේ
හනිකට පිච්ච මල් මාලා ගනිමින්නේ
විකුණගන්න පාර දෙසට දුවන්නේ

මාර ගසේ ගස හෙවනේ මද පවනයි
හිත මෙන් ගතත් නිවමින් තුටු කරවාලයි
පන්සල දෙසින් ඇහෙනා ගන්ටා නාදෙයි
සිල් සුවඳක් දසතම විහිදා සනසාලයි

හෙට ඉස්කෝලේ යන්නට සිතාලා
පාඩම් ගොඩක් ඇත කරනව වෙහෙසීලා
මල්මාලා විකුණන්නට පැමිනි වෙලා
පාඩම වෙත යොමු කලේ සිත පමා වෙලා

දුප්පත්කමින් මිරිකී හඬනා පවුලේ
වැඩිමල් අයියා නංගිලා දෙන්නෙකු හමුවේ
අප්පච්චී ඔත්පල වී ගෙයි මුල්ලේ
අම්මට නොහැක තනියම කෙරුමට යුද්ධේ

උදෑසනින් කඩයප්පන් විකුනාලා
පාසල වෙතට යන්නේ දුක මිරිකාලා
හැන්දෑජාමේ අව් කට්ටට තැම්බීලා
අම්මට උදව් දෙන්නේ මං හිනැහීලා

දුක් විද ඉගෙන ගෙන මතු දා නැගිටින්නේ
දුප්පත් කමින් පව්ලේ සැම මුදවන්නේ
නංගිලා දෙන්නා කුමරියෝ සේ රකින්නේ
අම්මයි තාත්තයි වෙත සෙනෙහේ වඩන්නේ

දුලා..✍️

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment