Wassa Dawasaka Song Lyrics - වැස්ස දවසක ගීතයේ පද පෙළ

Wassa Dawasaka Song Lyrics - වැස්ස දවසක ගීතයේ පද පෙළ
Song Title : Wassa Dawasaka (වැස්ස දවසක)
Lyrics : Keshan Wasala (කේෂාන් වාසල)

පරිසරය අදුරෙන් පුරවා 
ගුප්ත රහසක් බදු ...
මෙවන් මොහොතක් දැක නොතිබුණි කිසිදා
සොබාදහමේ අපුරු නිමැවුමක් ද මේ ....

එක විට බිදුවක් වැටිණි පොලවට ...
මුළු පොළවම සෙලවුනි ....සිතත් සමගින්
හිතේ ඇති මේ ගුප්ත බව වැඩි උනි ..
සොබාදහම ඇයි මෙතරම් නපුරු

වැසි බිදු වැඩි වේ ...
විදුලියත් තරගයට කොටයි...
පරිසරයේ මුසල ගතිය මොනවට පෙනේ ..
ගස් අතු තරගයට මෙන් ගහ ගනියි...

ගුප්ත රැ මැදියම හීනයක් බදු වේ .....
වැසි සමගින් සුළගත් තරගයට හමයි ...
මට නොසිතේ ජය ගන්නා කිමද කියා ..
එතරම් තරගයකි මේ .....යන්නේ

වැස්සත් ජීවිතයත් අතරේ තරගය ..
දැන් දැන් අවසන් වෙන හැඩය ..
පරිසරයේ අන්දකාරය හිරු කිරණින් පිරි ඉතිරි ගියේය ..
සොබාදහමේ අපුර්වත්වය නැවත නැවත ,,හෙළි වුනි ..

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment