Senehase Suwada Song Lyrics - සෙනෙහසේ සුවඳ ගීතයේ පද පෙළ

Senehase Suwada Song Lyrics - සෙනෙහසේ සුවඳ ගීතයේ පද පෙළ
Song Title : Senehase Suwada (සෙනෙහසේ සුවඳ)
Lyrics : Madavi Wijesinghe (මදවී විජේසිංහ)

මොහොතකට තනිවුනිද සෙනෙහසේ සුවද ළඟ
සිත හොයය් හොර හොරෙන් ආදරය ඔබේ ළඟ
තුන්යමේ සිත දවය් පෙම් සිහින කදුළු ගඟ
මියගියද දහස්වර සැනසුමකි ඔබේ ළඟ

මල් පිපුණු දෙවැට ළඟ නුබේ අතේ එල්ලිලා
මන් ගියා මහා දුරක් සෙනෙහසින් ලංවෙලා
නොපැතූ එක නිමේෂෙක ඔබ මගෙන් වෙන්වෙලා
මල්වරවූ සිත් පොකුණ හොදටෝම කලබිලා

ඉරිතැලුණු සිත් මලුව ඔබේ නමින් හඩනවා
කිරිවැදුණු සේනේදලු සෙමින් බිම නැමෙනවා
කනවැකුණු අසිනි හඩ සවන්පත් තැවෙනවා
සමවැදුණු සිහිනයෙන් නෙතු දැහැන බිදෙනවා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment